Home » ලක්ෂ තිහක හොර දුම්වැටි 20,000ක් සමඟ අයෙක් ගුවන්තොටුපොළේදී කොටු

ලක්ෂ තිහක හොර දුම්වැටි 20,000ක් සමඟ අයෙක් ගුවන්තොටුපොළේදී කොටු

by mahesh
February 28, 2025 1:00 am 0 comment

කටුනායක - ටී.කේ.ජී. කපිල

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි, ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (27) උදෑසන ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ (27) උදෑසන 10.15 ට බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත Òඑසේචේන්ජ් Ò සහ Ò ප්ලැටිනම්Ó වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටුන් 100ක් සඟවාගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, ඔහු එළඹෙන 05 වැනිදා නීති විරෝධී ලෙස සිගරැට් ආනයනය,

සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT