Home » වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් රටින් ගේන්න සැලසුම්

වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් රටින් ගේන්න සැලසුම්

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

by mahesh
February 28, 2025 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ජපානයෙන් ගේන පළමු වාහන රැගත් නැව අද හම්බන්තොට වරායට

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වාහන 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනයට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා දිනමිණට පැවැසීය.ඒ මහතා මේ බව කියා සිටියේ ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද (27) රාත්‍රී දිවයිනට ළඟාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පළමු වාහන තොගය රැගත් නැව අද (27) රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟාවන බවත් කී ඒ මහතා නෞකාවේ වාහන 300ක් පමණ පවතින බව කියා සිටියේය. එලෙස ජපානයෙන් නව වාහන ආනයනය කරන්නේ, වසර 5කට පසුව වීම විශේෂත්වයක් බව කියා සිටි ඒ මහතා ඒවා ඇණවුම් කළ පුද්ගලයන්ට කඩිනමින් ලබාදීමට සියලු කටයුතු යොදා ඇතැයිද කීවේය. මේ අතර තායිලන්තයෙන් ආනයනය කළ කැබ් රථ 15ක පමණ තොගයක් මේ වනවිටත් කොළඹ වරායට පැමිණ ඇති බවත් හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT