Home » කීරි සම්බා වැඩි මිලට අලෙවිකරණ වෙළෙදුන් සොයා තවදුරටත් වැටලීම්

කීරි සම්බා වැඩි මිලට අලෙවිකරණ වෙළෙදුන් සොයා තවදුරටත් වැටලීම්

by chanaka
February 28, 2025 3:24 pm 0 comment

මේ වනවිට වෙළෙදපොලෙහි සහල් මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට පැවතියද ඇතැම් වෙළෙදුන් විසින් කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවිකිරීමත් සගවා තැබීමත් සිදුකරන බවට පැමිණිලි ලැබෙමින් පවනෙ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.

එම අධිකාරිය මගින් සහල් සම්බන්ධව නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව කීරි සම්බා අලෙවිකළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වන බැවින් එම මිලට අලෙවිකළ හැකි සැපයුම්කරුවන්ගෙන් පමණක් සහල් මිලදීගන්නා ලෙසත් භාණ්ඩ සැපයුම්කරුවන් ලබාදෙන බිල්පත තමන් සන්තකයේ තබාගැනීම අනිවාර්ය බවත් වෙළෙදුන් වෙත දැනුම් දී ඇත.

සැපයුම්කරුවන් සහල් ලබාදීමේදී වැඩිපුර මුදල් ඉල්ලා සිටින්නේනම් ඒ සම්බන්ධව වන තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත කාර්යාලයීය වේලාවන් තුල ලබාදීමට කටයුතු කරන ලෙසද තවදුරටත් වෙළෙදුන් දැනුවත් කරනු ලැබේ.

දිවයින පුරා සිදුකරන වැටලීම්වලට අමතරව, ඊයේ (27) තලවතුගොඩ , හංවැල්ල සහ කඩුවෙල ප්‍රදේශවල සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 10 ක් සිදුකකල අතර එහිදී කීරි සම්බා වැඩි මිලට අලෙවිකිරීම , මිල ප්‍රදර්ශනය නොකිරීම සහ සගවා තබාගැනීම සිදුකරන ලද වෙළදුන් 7 දෙනෙකු සදහාත් නාඩු සහල් වැඩි මිලට අලෙවිකිරීමත්, මිල ප්‍රදර්ශනය නොකිරීමත් සම්බන්ධව වෙළදුන් තිදෙනෙකුටත් එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා සහල් වැටලීම් 1400 ක් පමණ සිදුකර ඇති අතර සහල් වැඩි මිලට අලෙවිකිරීම සම්බන්ධව වැටලීම් 400 කට වැඩි ප්‍රමාණයක්ද සිදුකර ඇත.

සහල් වැඩි මිලට අලෙවිකරණ තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට එරහිව නඩු පැවරීමෙන් පසුව වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක් , ලක්ෂ පහක් අතර දඩමුදලක් හෝ මාස හයක සිර දඩුවම් නියමකිරීමටත් හෝ එම දෙකම නියමකිරීමටත්, පුද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ පහත්, ලක්ෂ පනහත් අතර දඩ මුදලක් නියමකිරීමටත් , සහල් සගවතැබීම සම්බන්ධව වරදකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඩුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකිය .

තවද, දෙවනවර සිදුකරන වරදකදී එම අවම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත් , වසරක් දක්වා සිර දඩුවමක් ලබාදීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි අතර තවදුරටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් කීරි සම්බා සහල් පිලිබදව වැඩි අවධානයක් යොමු කරමින් සහල් සම්බන්ධව වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT