හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබිරියත්තාවල ගම්මානයේ 123 වසමේ ගොවීන් හා ස්වයං රැකියාවල නියුතුවන්නන් සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා පැවැත්විණි.
හොරොව්පොතාන සහකාර ප්‍රාදේශීය ලේකම් ජයසිංහ ඉරුගල්බංඩාර හා අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරිණ.
රාජ්‍ය නොවන සංවිධානයක් වන Muslim Aid සංවිධානය මඟින් මෙම උපකරණ ලබා දිම සිදුකළේය. ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජල අවශ්‍යතාවන් සඳහා වගා ළිං මඟින් ජලය භාවිත කරන අතර මෙහි දි අවශ්‍ය වන සියලුම උපකරණ ගොවින් හට ලබා දීම සිදු විණ. එසේම ස්වයං රැකියාවල නියුතු පිරිස් සඳහා අවශ්‍ය උපකරණ ද පිරිනැමිණි. ප්‍රතිලාභීන් 40 දෙනෙකු උදෙසා මෙම භාණ්ඩ ලබා දීම සිදු වූ අතර මෙම සියලු භාණ්ඩවල වටිනාකම රුපියල් 9,945,000 කි.
ඉතාමත් දුෂ්කරතාවයෙන් ජීවත් වන අඩු පහසුකම් සහිත තිබිරියත්තාවල ගම්මානයේ 123 වසමේ ජනතාවට මෙය මහඟු අවස්ථාවක් වන අතර අවශ්‍ය පසු විපරම් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදු කරයි.
මෙම අවස්ථාව සඳහා හොරොව්පොතාන ප්‍රාදේශීය කාර්යාලයේ ක්‍රම සම්පාදන සහකාර අධ්‍යක්ෂ එල්.සී.එස්. ලියනගේ මහත්මිය ඇතුළු ග්‍රාම නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු නිලධාරින් පිරිසක් ද එක්වූහ.