Home » රට පුරා වැඩිහිටියන්ගේ සෞඛ්‍ය හා වින්දනය ගැන සාකච්ඡා

රට පුරා වැඩිහිටියන්ගේ සෞඛ්‍ය හා වින්දනය ගැන සාකච්ඡා

by mahesh
February 28, 2025 1:00 am 0 comment

අම්පාර සමූහ - රවීන්ද්‍ර මැදගෙදර

රට පුරා විසිරී සිටින වැඩිහිටි පුරවැසි ප්‍රජාව වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම, ඔවුන්ට යහපත් සෞඛ්‍ය පුරුදු හුරු කිරීම සහ ජාතික වැඩිහිටි අවුරුදු උත්සව සංවිධාන කිරීම පිළිබඳව වැඩසටහන් පැවැත්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන හෙල්ප් ඒජ් ආයතනය සමඟ ඉකුත් 23 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීය.

අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා ජාතික වැඩිහිටි කාර්යාංශයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුම්, ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් හේමා පෙරේරා, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සමරකෝන් බණ්ඩාර, සම්බන්ධීකරණ ලේකම්වරුන් වන වසන්ති නානායක්කාර හා නුවන් තරංග යන මහත්ම මහත්මීහු ද සම්බන්ධ වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT