Home » දිස්ත්‍රික්ක දෙකක නායයෑම් අනතුරු දිර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක දෙකක නායයෑම් අනතුරු දිර්ඝ කෙරේ

by yasara
March 1, 2025 5:56 pm 0 comment

landslide warning

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට අදාලව පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ යළි දැනුම් දෙනතුරු මේ නිවේදනය වලංගු වන බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, කන්ඳකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සූරනතොට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය බල ප්‍රදේශයට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.

එම දිස්ත්‍රික්කයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT