නවීන තාක්ෂණයෙන් යුත් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රැපිඩ් ස්ට්‍රැටජි ඩිජිටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී අද(01) පැවසීය.
ආරම්භයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර සහ මීගමුව අධිකරණ සංකීර්ණ තෝරාගෙන ඇතැයි ද ඇමැතිවරයා සදහන් කළේය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
ඉබ්බාගමුව, ලාහුගල, මොරවැව, මුරුක්කන්, පුලියන්කුලම්, වෙට්ටිකුලම් වැනි දුෂ්කර ප්‍රදේශවල අධිකරණ ස්ථාපිත කරන බවත් ජනතාවගේ පහසුව උදෙසා නව අධිකරණ ස්ථාපිත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න