256
හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් අද (01) සවස සාර්ථකව මුදා ගැනීමට සමත් විය.
කොලොන්නාව ප්‍රදේශයේ සිට නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ දේශීය සංචාරකයින් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සිද්ධියට මුහුණ දී ඇත.
යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵල මත හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි විය.