Saturday, May 3, 2025
Home » පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට – උග්‍ර ශ්වසන අපහසුතා

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට – උග්‍ර ශ්වසන අපහසුතා

by chanaka
March 4, 2025 12:42 pm 0 comment

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට හැරී ඇති බව වතිකානය නිවේදනය කර තිබේ.

ඊයේ (03) සන්ධ්‍යා කාලයේ දී උන්වහන්සේට දෙවරක් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිවූ බව සදහන් වේ.

ඒ හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් දැඩි අවදානයෙන් පසුවන බවද වාර්තා වේ.

උන්වහන්සේගේ පෙනහළුවල ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමක පවත්වාගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගන්නා බව වතිකානය සඳහන් කරයි.

නිදන්ගත පෙනහළු රෝගයකින් පෙළෙන සහ එක් පෙණහලුවක කොටසක් ඉවත් කර ඇති 88 හැවිරිදි පාප් වහන්සේහට යළිත් වරක් ඔක්සිජන් ලබාදීම සිදුකෙරෙන අතර වෙන්ටිලේටර් යන්ත්‍ර ආධාරයෙන් ශ්වසන ක්‍රියාකාරීත්වය සිදුකෙරෙන බවද වාර්තා වේ.

කෙසේ වුවද උන්වහන්සේ අවදිව, අවදානයෙන් සියලු ක්‍රියාවන්ට සහයෝගය දක්වන බව වතිකානය නිවේදනය කරයි.

එසේම පසුගිය සිකුරාදා දිනයේ දී පාප් වහන්සේට තරමක් කැස්ස ගතියක් හා වමනය කිරීමේ ගතියක් ඇතිව තිබුණු බවද වාර්තා වේ.

මීට දින 18ට පෙර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිව්මෝනියා රෝගය හේතුවෙන් රෝහල් ගත කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT