Sunday, May 11, 2025
Home » හිටපු ඇමති ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

by chanaka
March 4, 2025 4:18 pm 0 comment

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහි කර තිබෙන නඩුව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර නඩු විභාගය මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කලේය.

2010 වසරේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිය වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT