Tuesday, May 6, 2025
Home » කුරුවිටදී පාසල් වෑන් රථයක් ගසක ගැටී සිසුහු 18ක් රෝහලට

කුරුවිටදී පාසල් වෑන් රථයක් ගසක ගැටී සිසුහු 18ක් රෝහලට

by sachintha
March 4, 2025 4:02 pm 0 comment

කුරුවිට එරත්න ප්‍රධාන මාර්ගයේ ලස්සකන්ද ප්‍රදේශයේදී පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් ඊයේ (03) පෙරවරු 6.45ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් දරුවන් 16 දෙනකු හා රියදුරු ඇතුළු 18ක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුවිට පොලීසිය පවසයි.

පාසල් ළමයින් 16ක්, වෑන් රථයේ රියැදුරු සහ එහි සිටි තවත් කාන්තාවක් මෙලෙස තුවාල ලබා රත්නපුර සහ එරත්න රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් දසදෙනකු එරත්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍ර‍තිකාර ලබා පිටව ගොස් ඇති බව ද පොලීසිය කියයි. අනතුරින් පාදවලට හානි සිදුව තිබූ පිරිමි ළමයින් දෙදෙනකු සහ ගැහැනු ළමයින් දෙදෙනකු ද සිටින බව වාර්තා වෙයි.

අනතුරට හේතුව අදාළ වෑන් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් විය හැකි බව විශ්වාස කරන බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කර ප්‍රකාශයක් ලබා දිය හැකි බව පොලීසිය සඳහන් කළේය.

කුරුවිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මිණිපුර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කුරුවිට විශේෂ කේ.ඒ. සුනිල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT