පොල්පිතිගම සෞඛ්‍ය සේවා බලප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද පන්සියගම අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ගුණානුස්මරණ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වෙත භාරදීම පසුගියදා වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාර වර්ණසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
අපවත් වී වදාළ අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම නා හිමි සිහිපත් කරමින් මිලියන 300ක මුදලක් වැය කර ඉදි කොට 2022 වසරේ විවෘත කරන ලද මෙම රෝහල හා ලක්ෂ 223ක මුදලින් යුත් ජංගම දන්ත සේවා බස් රථය ඇතුළු උපකරණ කට්ටල භාරදීම සඳහා දායකත්වය දක්වා ඇත්තේ නා උයනේ ආරණ්‍යය සේනාසනයේ දායක සභාව හා දෙස් විදෙස් පින්වතුන්ය.
එය භාර ගැනීම සඳහා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර ඇතුළු සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නා උයන ආරණ්‍යය සේනාධිපති අතිපූජ්‍ය අගුල්ගමුවේ ආරියනන්ද නාහිමි ඇතුළු මහා සංඝ රත්නය, විදෙස් සිල් මාතාවන් ප්‍රමුඛ දූත පිරිස, දායක දායිකාවන් මේ අවස්ථාවට එක්ව සිටියහ. නා උයන ආරණ්‍යස්ථ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතිය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම