Home » රිදී බැඳි ඇළ ව්‍යාපාරයේ පිදුරු ගිනි තැබීම් වළක්වන්න

රිදී බැඳි ඇළ ව්‍යාපාරයේ පිදුරු ගිනි තැබීම් වළක්වන්න

by sachintha
March 4, 2025 4:17 pm 0 comment

නිකවැරටිය “රිදී බැඳි ඇළ” මහා වාරි ව්‍යාපාරයේ මේ දිනවල කුඹුරු අස්වනු නෙළමින් පවතින අතර ඇතැම් ගොවීන් කුඹුරු තුළ ඇති පිදුරු ගිනි තැබීම නිසා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ගොවීහු පවසති.

කටගමුව, කුඹුක්වැව කුඹුරු යායවල ඇතැම් ගොවීන් තවමත් අස්වනු නෙළමින් සිටින අතර වැඩ නිම වූ ගොවීන් මෙලෙස පිදුරු ගිනි තබමින් සිටින බවද, පවතින වියළි කාලගුණික තත්ත්වය මත ගිනි තැබීම් සිදු නොකළ යුතු බවද, මෙම ගිනි තැබීම් වැළැක්වීමට බලධාරීන් පියවර ගත යුතු බවද ගොවීහු අවධාරණය කර සිටිති.

එසේම භූතයා මැෂිමෙන් අස්වනු නෙළීම සිදු කළ පසු කුඹුරු තුළට බැහැර වන පිදුරු කැබලි කුඹුරට වටිනා කාබනික පොහොරක් වන බැවින් මෙලෙස කුඹුරු තුළ ඇති පිදුරු කැබලි ගිනි තබා විනාශ කිරීම අපරාධයක් බවද ගොවීහු පෙන්වා දෙති.

නිකවැරටිය ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT