Home » මහ වැස්සෙන් මහඔය හා පදියතලාවේ කුඹුරු අක්කර දහස් ගණනක් විනාශයි

මහ වැස්සෙන් මහඔය හා පදියතලාවේ කුඹුරු අක්කර දහස් ගණනක් විනාශයි

by sachintha
March 4, 2025 4:18 pm 0 comment

සතියකට ආසන්න කාලයක් අකලට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මහඔය සහ පදියතලාව ප්‍රදේශවල කුඹුරු අක්කර දහස් ගණනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.

මෙහි බොහොමයක් කුඹුරු තව සතියකින් පමණ අස්වනු නෙළීමට සුදුසු තත්ත්වයේ ඒවා වන අතර ඒවා සහමුලින්ම ඇදවැටී අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇත.

‘මේ කුඹුරු අස්වද්දලා සති දෙකකින් ගංවතුරට යට වුණා. ඒකෙන් බේරුණ වගාවට කොහේද නැති වැස්සක් කඩා පාත් වෙලා අපිව නැත්තටම නැති කළා’ යැයි මහඔය තලාව කොඩිතුවක්කු ගොවි මහතා අප සමඟ පැවසීය.

පසුගිය වගා හානිවලදීද ගොවීන්ට මෙතෙක් කිසිම ගෙවීමක් සිදුකර නොමැති බවද ගොවීහු පැවසූහ.

පදියතලාව සමූහ – ඒ.එම්. වසන්ත කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT