Home » විද්‍යා විෂය ප්‍රායෝගික ප්‍රදර්ශනයක් කැප්පෙටිපොළ ද්විතීයික පාසලේ දී

විද්‍යා විෂය ප්‍රායෝගික ප්‍රදර්ශනයක් කැප්පෙටිපොළ ද්විතීයික පාසලේ දී

by sachintha
March 4, 2025 4:18 pm 0 comment

මහඔය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අම්/මහ/ කැප්පෙටිපොළ ද්විතීයික පාසලේ දී පසුගියදා විද්‍යා විෂය ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

2024 වර්ෂයේදී අ:පො:ස: (සාමාන්‍ය පෙළ) විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ විද්‍යාව විෂය පිළිබඳ ප්‍රායෝගික දැනුම ඉහළ නැංවීම මෙහි අරමුණ බව විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.

විද්‍යාව විෂයට නිර්දේශිත සියලු ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ මෙවලම් කුටි වශයෙන් සකස් කර තිබූ අතර පාසල් සිසුහූ ප්‍රදර්ශන කුටි නරඹීමට පැමිණි අයට ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරමින් විද්‍යාත්මක කරුණු පැහැදිලි කරදීම සිදු කළහ.

විද්‍යාව විෂය භාර ගුරු භවතුන් මෙම ප්‍රායෝගික විද්‍යා ප්‍රදර්ශන කුටි සැලසුම් කිරීමට දැඩි වෙහෙසක් ගත ගත් බව ද විදුහල්පතිවරයා පැවසීය. මහඔය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් සියලු පාසල්වල ගුරු භවතුන් තම පාසලේ දරුවන්ද සමඟ මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.

මහඔය කේ. රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT