Thursday, May 15, 2025
Home » ‘තෙලි රූ 2025’ සිතුවම් දැක්ම අභිමානවත්ව

‘තෙලි රූ 2025’ සිතුවම් දැක්ම අභිමානවත්ව

by sachintha
March 4, 2025 4:19 pm 0 comment

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයීය සිසුන්ගේ සිතුවම් දැක්මක් ‘තෙලි රූ 2025’ නමින් ඉකුත් 27 වැනි දින තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයීය බන්දු විජේසූරිය ශාලාවේදී පැවැත්විණි.

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නිල්වලා විද්‍යා පීඨයේ පීඨාධිපති (විශ්‍රාමික) ගත් කතුවර දයානන්ද බස්නායක මහතාගේ සහභාගීත්වයෙන් සිතුවම් දැක්ම ආරම්භ වූ අතර විදුහල්පති ජයන්ත මීගොඩ, අකුරැස්ස අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එච්.කේ. හේමන්ත, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන මනීෂා වනසිංහ, රේණුකා චන්ද්‍රකුමාරි, මාලිම්බඩ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තිළිණි ලක්මිණි සහ කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක්‌ එම අවස්ථාවට එක්ව සිටියහ. සිතුවම් දැක්මේ හොඳම සිතුවම් දහය සඳහා රුපියල් දෙදහස් පන්සියය බැගින් රුපියල් විසිපන්දහසක මුදලක් සහ සහතික පත්‍ර ලබාදීමටද දයානන්ද බස්නායක මහතා අනුග්‍රහය ලබාදී ඇත. මෙම ප්‍රදර්ශනය දෙදිනක් පුරා පැවැත්විණි.

තෙලිජ්ජවිල සමූහ වජිර පූජිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT