Home » කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි

by chanaka
March 5, 2025 11:22 am 0 comment

ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් මහතා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසනයන්ට ලක්කර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉපලෝගම රණජයපුර පදිංචිකරුවෙක් වන ඔහු යුද හමුදාවේ විශ්‍රාමික මාණ්ඩලික සැරයන්වරයෙකි. වයස අවුරුදු 49ක් වන ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේද ඉතුත් 01 වෙනිදාය.

මෙදිනම යුද හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික කෝප්‍රල්වරයෙක් නවගත්තේගම වෙලේ වැවදීත් යුද හමුදා ටිපෝලි කදවුරේ බුද්ධි අංශ සෙබලෙක් අනුරාධපුර මහබුලන්කුලමේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබුණි.

දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී 2008 වසරේ මැයි 22 වැනිදා කීත් නොයාර් මහතා පැහැරගැනීමට ලක්විය. එකල ක්‍රියාත්මක කුප්‍රකට සුදු වෑන් රථ කල්ලිය විසින් ඔහුව පැහැරගෙන ගොස් දස වද දෙමින් ඝාතනය කිරීමට උත්සහයක නිරත විය. පසුව ඔහුව නැවතත් සිය නිවස ඉදිරිපිටට ගෙනවිත් දමාගොස් තිබුණි.

 

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT