Thursday, May 8, 2025
Home » සාපෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

සාපෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

by chanaka
March 5, 2025 11:28 am 0 comment

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10වැනිදාට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටියේය.

www.donents.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT