120
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පසුපස සම්පත් බැංකුව දෙසින් ඇති ටිකට් කවුන්ටර් දෙකෙන් එකක් නිතරම වසා තැබීම නිසා මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.සවස හතරත් හයත් අතර කාලය තුළ මෙම කවුන්ටරය භාවිත කිරීමට විශාල මගීහු පිරිසක් පැමිණෙති. මෙහි ප්රධාන මාර්ගය සහ සෙසු මාර්ග සඳහා කවුළු දෙකක් තිබුණද නිතරම ප්රධාන මාර්ගයේ ටිකට් කවුන්ටරය වසා තැබේ.
එනිසා මගීන් ලෙස අප ඉල්ලා සිටින්නෙ සවස හතරේ සිට හය දක්වා කාලය තුළ කවුන්ටර් දෙකම විවෘතව තබන ලෙසය.
ප්රසන්න වෙල්ගම ගම්පහ