Home » වන්දි අය කර ගැනීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
එක්ස්ප්‍රස් පර්ල් හානියට

වන්දි අය කර ගැනීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා

-අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කියයි

by sachintha
March 5, 2025 4:01 pm 0 comment

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

එම නැව ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග වන අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම කල් තැබිණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT