163
තේ වගාවට යොදන පොහොර විෂවීමකින් නානුඔය උඩරදැල්ල වත්තේ කම්කරුවන් 17 දෙනෙකුගේ පාද වල දියපට්ට ඇතිවීමක් සම්බන්ධයෙන් නානුඔය පොලිසියට ඊයේ (04) පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම කම්කරුවන් 17 දෙනා රෝහල්ගතකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
පිළිස්සීමකින් ඇතිවන ආකාරයේ දියපට්ටා මෙම කම්කරුවන්ගේ පාදවල ඇතිවී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රෝහල්ගතව ප්‍රතිකාර ලබා මෙම කම්කරුවන් පිරිස අද (05) වන විට පිටව ගොස් තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ