ශ්‍රී ඉන්දජෝති වංශාවලංකාර ශ්‍රී රතනජෝති වංශාවතංස ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්‍රය අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය විසින් ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත අරණායක දෙබත්ගම ශ්‍රී රතනජෝත්‍යාරාම ධර්ම මන්දිරයේදී පිරිනමන ලදී. අනුනායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් රචිත ආශිංසන ග්‍රන්ථ පිරිනැමීම සම්පාදක ස්වාමීවහන්සේලා විසින් සිදු කළහ. විජිනිපත පිළිගැන්වීම පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් සිදු කළ අතර ප්‍රසාද පූජා පැවැත්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර, නන්දන මිල්ලගල මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ දායක සභාවේ සාමාජිකයෝ සිදු කළහ. බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් දෙබත්ගම සෝමරතන තිස්ස නායක හිමියන් විසින් සිදු කළ මෙහෙය ඇගැයීමට ළක් කළ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරි ශාසනික මෙහෙවර වෙනුවෙන් ශුභාශිංසන පිරිනැමීය. අමරපුර මූලවංශික පාර්ශ්වයේ මහානායක අහුංගල්ලේ විමලධම්ම තිස්ස නාහිමියන් ප්‍රධාන මහාසංඝරත්නය, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර