මහනුවර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන පහක් කුලී පදනම මත පෞද්ගලික ඉඩම්වල පවත්වාගෙන යන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
පොත්තපිටිය, බොක්කාවල, අලදෙණිය, පූජාපිටිය සහ තලාතුඔය පොලිස් ස්ථාන මෙලෙස පෞද්ගලික ඉඩම්වල පවත්වාගෙන යන බවත්, මේ පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමට රජයේ ඉඩම් ගැනීමට ඇති හැකියාව ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කීවේය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් ඇමැති කේ. ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන් මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තලාතුඔය පොලීසිය පවත්වාගෙන යන ඉඩම සම්බන්ධයෙන් මේ වන විට නඩුවක් ක්‍රියාත්මක වන නිසා ඒ සඳහා දැනට කුලී ගෙවීමක් සිදු නොවන බවත්, සෙසු පොලිස් ස්ථාන හතර සඳහා කුලී ගෙවීම් සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
මේ පොලිස් ස්ථාන සඳහා රජයේ ඉඩම් දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අසේල කුරුළුවංශ