Sunday, May 11, 2025
Home » උත්සාහවන්තයන් ඇගයීමේ උලෙළේදී වැල්ලවාය සුසා බේකර්ස් සම්මාන ලබයි

උත්සාහවන්තයන් ඇගයීමේ උලෙළේදී වැල්ලවාය සුසා බේකර්ස් සම්මාන ලබයි

by sachintha
March 5, 2025 4:13 pm 0 comment

මානව හිමිකම් ලංකා සංවිධාන විසින් විවිධ ක්ෂේත්‍ර 20ක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නාමය බැබළවීමට කටයුතු කළ වෘත්තීයවේදීන්, අයෝජකයන්, දිරිමත් ව්‍යවසායකයන්, කාන්තාවන් ඇතුළු දිරියෙන් තම ජීවිත ජය ගත් උත්සාහවන්තයන් ඇගයීමේ සම්මාන උලෙළක් සංවිධාන කොට තිබිණි.

එහිදී නැඟී එන ආහාර සැකසුම් නිෂ්පාදන සන්නාමයට හිමි ජාතික සම්මානය දිනා ගැනීමට වැල්ලවාය තරුණ ව්‍යවසායක සුසන්ත සංජීව මහතාගේ ‘සුසා බේකර්ස්’ ආයතනය සමත් විය.

2020දී ඉතා කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ආ සුසා බේකර්ස් ආයතනය මේ වන විට ඌව පළාතේ අඩුම කාලයකින් අයිසින් කේක් නිෂ්පාදනය කොට පාරිභෝගික ජනතාවට දෙන ආයතනය ලෙස කීර්තියක් අත්කරගෙන ඇත. ප්‍රදේශයේ තරුණ තරුණියන් 35 දෙනකුට ඍජුව රැකියා සපයා ඇති මේ ආයතනය වක්‍රව සමාජ ආර්ථික දියුණුවට සහයෝගය දෙමින් සිටී.

ඊට අදාළ සම්මානය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත්දා පැවැති උලෙළේදී හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා අතින් සුසන්ත සංජීව මහතා සම්මානය ලබා ගන්නා අයුරු මේ ඡායාරූපයෙන් දැක්වේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT