56
අපවත් වී වදාළ දෙහිවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව බදුල්ල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමාධිපති ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ ලංකානන්ද හිමියන් සමරා පවත්වන දම් දෙසුම අද (05) කළුබෝවිල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් විසින් දම් දෙසුම පවත්වනු ලබයි. පසුදින මහා සංඝරත්නය පනස් නමක් උදෙසා දානමය පින්කමකි.