Thursday, May 15, 2025
Home » අසාධාරණ වර්ජනවලට අපේ සහාය නෑ

අසාධාරණ වර්ජනවලට අපේ සහාය නෑ

-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

by sachintha
March 5, 2025 4:57 pm 0 comment

අප ලබාගත් කිසිම අයිතියක් කප්පාදු නොකරන බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් චක්‍රලේඛය නිකුත් වූ විට එහි ඇත්ත නැත්ත දැකගන්නට හැකි බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. අසාධාරණ වැඩවර්ජනවලට මොනම හේතුවක් නිසාවත් එක් නොවන බවත් වෛද්‍යවරුන් වර්ජනය කළාට වඩා හෙදියෝ වර්ජනය කළොත් පැයෙන් දෙකන් සෞඛ්‍ය සේවයට බලපාන බවත් උන් වහන්සේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (04) ප්‍රකාශ කළහ.

පාර්ලිමේන්තුවේ අය-වැය තවම සම්මත වෙලත් නැහැ. අපි කොහොමද එකපාරට තේරුම් ගන්නේ අය-වැය සම්මත වෙන්නේ නැතිව අපිව කප්පාදු කරා කියන එක. අපේ සංගමය කරදර වෙන්නේ නැහැ මොනම දේකටවත්. අපට හේතු කිහිපයක් තිබෙනවා. එක පැත්තක් තමයි සෞඛ්‍ය සේවය කියලා කිව්වාම සෞඛ්‍ය සේවයේ ප්‍රධානියා රෝගියායි. අපි යම් කිසි වෙලාවක අපේ අයිතිවාසිකම් පිළිබඳ, අපේ ඉල්ලීම් පිළිබඳ රෝගියා ප්‍රාණ ඇපකාරයකු බවට පත් කරලා කටයුතු කරන්නේ නැහැ. ඒක මේ රටේ නිර්ධන පන්තියේ රෝගීන් වෙනුවෙන් කරන මහා අපරාධයක්. රෝගියත් බලාගෙන සංගමයත් ආරක්ෂා කරගෙන ජනතාවත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙළක් අපිට තියෙන්නේ යැයි ද උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

රක්ෂණ ශ්‍රියන්ත, දෙව්නි මහගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT