Home » මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කඩිනමින් සංශෝධනය කරනවා

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කඩිනමින් සංශෝධනය කරනවා

-ඇමැති ආනන්ද විජේපාල

by sachintha
March 5, 2025 4:12 pm 0 comment

භාෂණයේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කඩිනමින් සංශෝධනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසීය. එම පනතට සිදු කළ යුතු සංශෝධන හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව වෙතින් අදහස් සහ යෝජනා ලබා ගැනීම සිදු කරනවා. පනත සංශෝධනය සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වන විටත් අවසර දී ඇති අතර මහජන ආරක්ෂක, ජනමාධ්‍ය සහ අධිකරණ යන අමාත්‍යාංශ තුනෙන් සංශෝධන සහිත සංකල්ප පත්‍රිකාවක්ද සැකසීමට ද කටයුතු කරනවා. අදාළ පනත යටතේ මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීම, නඩු පැවරීම හෝ බන්ධනාගාරගත කර නැහැ.යෝජිත බදු සංශෝධනය ගැනත් විමසා තිබුණා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT