Home » පළාත් පාලන ආයතන නිලධාරීවාදයට යටත්වෙලා

පළාත් පාලන ආයතන නිලධාරීවාදයට යටත්වෙලා

-මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා

by sachintha
March 5, 2025 4:13 pm 0 comment

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා පළාත් පාලන ආයතන අද වන විට නිලධාරීවාදයට යටත්ව ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසීය.

නිලධාරීවාදය යටතේ වැඩ කරන විට බොහෝ ප්‍රශ්නවලට මුහුණදීමට පළාතේ සියලු දෙනාට සිදු වන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය. අය වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

ආණ්ඩුකාරවරයාගේ අභිමතය යටතේ පළාත් පාලන ආයතන කටයුතු කරනවා. පසුගිය ආණ්ඩු බලයේ සිට පැරදුණු ජනතා නියෝජිතයන් ආණ්ඩුකාරවරයාගේ සහාය ලබා ගනිමින් ඇතැම් විට විවිධ කාර්යන් සිදු කරනවා. එහිදී ජනතාව අපහසුතාවන්ට ලක් වෙනවා. එහෙත් ජනතාවට ප්‍රශ්න කළ නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. හැකි ඉක්මනින් මේ ආණ්ඩුව යටතේ පළාත් පාලන මැතිවරණය තබන්නේ නම් එය ඉතා හොඳයි. වතුකරයේ සිටින අහිංසක ජනතාවගේ දිනක වැටුප තවම රුපියල් 2000ක් කරන්න බැරි වෙලා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT