Home » පියාගේ ට්‍රැක්ටරයට හසුවූ 11 හැවිරිදි දරුවා මරුට

පියාගේ ට්‍රැක්ටරයට හසුවූ 11 හැවිරිදි දරුවා මරුට

by sachintha
March 5, 2025 4:09 pm 0 comment

පියා විසින් නි‍ෙවසේදී පසුපසට ධාවනය කළ ට්‍රැක්ටරයකට හා බිත්තියකට හසු වූ යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ වයස අවුරුදු 11ක පිරිමි දරුවකු 3දා සවස මියගොස් තිබේ. මෙම ළමයා ට්‍රැක්ටරය පිටුපස සිටියදී ඒ බව නොදැන පියා විසින් ට්‍රැක්ටරය පසුපසට ධාවනය කරවීමේදී ළමයා ට්‍රැක්ටරයට හා බිත්තියකට හසුවී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ යාපනය චුන්නාකම් කන්ධරෝදය විද්‍යාලයේ ඉගෙනුම ලබන නිකල්දාසන් ආත්වීකන් නමැති සිසුවෙකි. ට්‍රැක්ටරයට යටවීමෙන් පසුව වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු සනාථ කොට තිබේ.

චුන්නාකම් පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT