Home » ෂැනන් වත්තේ ගින්නෙන් නිවාස විස්සකට හානි

ෂැනන් වත්තේ ගින්නෙන් නිවාස විස්සකට හානි

by sachintha
March 5, 2025 4:09 pm 0 comment

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ කේ.එම්. කොටසේ වතු නිවාස පෙළක් ඊයේ (03) රාත්‍රි 7.30ට පමණ ගිනි ගැනීමෙන් එම වතු නිවාස පේළියට අයත් නිවාස 20ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පවසයි.

නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, පැතිර ගිය ගින්න එම වතුයායේ වතු කම්කරුවන්, හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන්, හැටන් පොලීසියේ නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත් වී ඇත.

පැතිර ගිය ගින්න පාලනය කිරීමට යාමේදී වතු කම්කරුවන් පස්දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවද පොලීසිය කියයි.

ගින්නෙන් වතුකම්කරු පවුල් 20කට අයත් සාමාජිකයන් 50 දෙනෙකු පමණ අවතැන්වී ඇති අතර, එම සාමාජිකයන් එම වතුයායේ ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ ආහාර පාන ලබාදීමට වතු පාලන අධිකාරිය සහ ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇත.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට ගින්න පිළිබඳ විමර්ශන සිදු කරන හැටන් පොලීසිය සැක කරයි.

නෝර්වුඩ් සමූහ – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT