ලෝක වනජීවී දින ජාතික සැමරුම් උත්සවය පෙරේදා (03) විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දී පැවැත්විණි. වනජීවී දිනය තේමා කර ගනිමින් දීප ව්‍යාප්තව පැවැත්වූ කාටූන් චිත්‍ර තරග හා කෙටි චිත්‍රපට තරගවලින් ජයග්‍රහණය කළ පාසල් දරුවන්ට හා විවෘත අංශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ දූ දරුවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ද මෙම උත්සවයට සමගාමීව සිදුකෙරිණි. එසේම එහිදී උත්සව භූමිය තුළ පාසල් දරුවන් වෙනුවෙන් දැනුම මිනුම තරගයක් හා චිත්‍ර තරගයක් ද පැවැත්විණ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සමින්ද ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සමින්ද ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදී. මෙම ජාතික උත්සවය පරිසර අමාත්‍යාංශය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කර තිබිණි. පාසල් දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් සිදුකෙරිණ. මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, අතිරේක ලේකම් බුවනෙක හේරත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, වනජීවී ජාතික දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් සුමිත් සෝමරත්න, අනුරාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ