Home » තරුෂිට අමෙරිකාවේදී රන් පදක්කමක්

තරුෂිට අමෙරිකාවේදී රන් පදක්කමක්

by sachintha
March 5, 2025 4:00 pm 0 comment

ආසියානු රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න අමෙරිකාවේ විශ්වවිද්‍යාල අතර පැවති අමෙරිකානු කාන්තා ගෘහස්ථ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:6.99කින් නිමකොට රන් පදක්කම දිනා ගත්තාය.

අමෙරිකාවේ බර්මින්හැම් ක්‍රොස්ප්ලෙක්ස් ධාවන පථයේදී තරුෂි මේ දක්ෂතාව දැක්වූ අතර, දෙවැනි ස්ථානය තරුෂි නියෝජනය කරන තුලානේ විශ්වවිද්‍යාලයේ අමෙරිකානු ජාතික ජේන් ඩීන් මිනිත්තු 2:07.39කින් දිනා ගත්තාය.

තරුෂි මේ ඉසව්ව මෙයට පෙර 2023 වසරේදී මිනිත්තු 2:00.66කින් නිමා කළ අතර, ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙයට දින තුනකට කලින් නිමාවූ තරගය පැවතියේ මීටර් 200 ගෘහස්ථ ධාවන පථයක බැවින් කාලය වෙනස්වීම සාමාන්‍ය තත්ත්වයක් බවයි. තවත් සති දෙකකින් තරුෂි මීටර් 400 ධාවන පථයේදී තරග කිහිපයකට එක්වන හෙයින් මෙයට වඩා හොඳ කාලයක් අපේක්ෂා කළ හැකි බව ප්‍රනාන්දු මහතා පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT