Home » පාකි­ස්තා­නයේ ප්‍රාන්ත දෙකක මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

පාකි­ස්තා­නයේ ප්‍රාන්ත දෙකක මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

හමුදා සෙබ­ළුන් 13දෙන­කුට දිවි අහිමි වෙයි

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

පාකි­ස්තා­නයේ ප්‍රාන්ත දෙකක සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­ව­කින් හමුදා සෙබ­ළුන් 13 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් සෙබ­ළුන් 34 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලු­කි­ස්තා­නයේ කලාට් දිස්ත්‍රි­ක්කයේ හමුදා රථ­පෙ­ළ­කට පසු­ගිය සඳුදා එල්ල වු මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­ය­කින් හමුදා සාමා­ජි­ක­යකු මියගිය බවත්, ඊට පසු­දින කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ හමුදා කඳ­වු­රක් ඉලක්ක කර­මින් සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙක­කින් හමුදා සාමා­ජි­ක­යන් 12 දෙනකු මියගිය බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. බලු­කි­ස්තා­නයේ සිදුවූ බෝම්බ ප්‍රහා­රය කාන්තා­වක් විසින් සිදු කළ බවට තහ­වුරු වී ඇති අතර, ඊයේ වන­වි­ටත් කිසිදු පාර්ශ්ව­යක් එහි වග­කීම බාර ගෙන නැති බව ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර තිබේ. කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහා­ර­වල වග­කීම පාකි­ස්තාන තලේ­බාන් සංවි­ධා­න­යට සම්බන්ධ සන්නද්ධ කණ්ඩා­ය­මක් විසින් බාර­ගෙන ඇතැයි ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT