Home » ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට 2024 දි පැමි­ණිලි 8192ක්

ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට 2024 දි පැමි­ණිලි 8192ක්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

දුලක්ෂි උඩ­ගෙ­දර, උපේක්ෂා රණ­වක, නයෝමි ෂර්මිලා

ළමා ආර­ක්ෂක ගැටලු සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට 2024 වර්ෂය තුළ පැමි­ණිලි 8192ක් ලැබී ඇති බව එහි නීතිය බලා­ත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතිඥ සංජී­වනි අබේ­කෝන් මහ­ත්මිය පැව­සු­වාය.   ළමා ආර­ක්ෂාව හා ළමා අප­යෝ­ජන වාර්තා­ක­ර­ණය පිළි­බඳ මාධ්‍ය­වේ­දීන් දැනු­ම්වත් කිරීම සඳහා ළමා ආර­ක්ෂක අධි­කා­රියේ ඊයේ (4) පැවැති වැඩ­මු­ළු­ව­කදී ඒ මහ­ත්මිය මේ බව සඳ­හන් කළාය.   පසු­ගිය වර්ෂය තුළ වැඩිම පැමි­ණිලි සංඛ්‍යා­වක් ලෙස පැමි­ණිලි 2756ක් ලැබී ඇත්තේ ළමුන්ගේ භාරය හා ආර­ක්ෂාව සම්බ­න්ධව බවද ඇය පෙන්වා දුන්නාය.  ළමා භාරය හා ආර­ක්ෂාව දර­මින් ළම­යින් ශාරී­රික හා මාන­සික හිංස­න­යට පත් කිරීම සම්බන්ධ පැමි­ණිලි 1950ක් ද, වයස අවු­රුදු 16ට අඩු ළම­යින් පාසල් නොයැ­වීම සම්බ­න්ධව පැමි­ණිලි 1628ක් ද ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රිය වෙත 2024 වසරේ වාර්තා වී ඇත. ළම­යින් ලිංගික අප­යෝ­ජ­න­යට ලක් කිරීම සම්බ­න්ධව පැමි­ණිලි 580ක් ද ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට ලැබී ඇති බව ද ඇය පැව­සු­වාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT