ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සඳහා නඩුව ලබන අගෝස්තු මස 6 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙෙණවිය ඊයේ (04) පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළාය.
මෙම භාණ්ඩ අස්ථානගතව ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.
මෙම විමර්ශනය සඳහා අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් එම භාණ්ඩ වෙනත් අංශ වෙත ලබා දී ඇද්ද යන්න සහ එම භාණ්ඩවල සත්‍යතාවය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 15ක් පමණ ලබා ගෙන ඇති බවත් එම භාණ්ඩ වෙනත් අංශවලට භාර දී ඇද්ද යන්න සම්බ්න්ධයෙන්ද විමර්ශන සිදු කරන බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය භාර ගණකාධිකාරී සිසිර කුමාර මහතා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් පොලීසිය කරණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේය.