Home » විමල්ගේ “සඳේ ගින්දර”ට ලේඛ­නා­ර­ක්ෂක ශ්‍රව­ණා­ගා­රයේ ඉඩ නෑ

විමල්ගේ “සඳේ ගින්දර”ට ලේඛ­නා­ර­ක්ෂක ශ්‍රව­ණා­ගා­රයේ ඉඩ නෑ

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සම­න්මලී ප්රිය­ශාන්ති

ජීවිත අත්දැ­කීම් පද­නම් කර­ග­නි­මින් රචනා කරන ලද “සඳේ ගින්දර” කෘතිය හෙට (මාර්තු 07) දිනට යෙදෙන තම උප­න්දි­නය දා ජාතික ලේඛ­නා­ර­ක්ෂක ශ්‍රව­ණා­ගා­ර­යේදී එළි­දැ­ක්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබි­යදී එහි බල­ධා­රීන් එම උත්ස­වය අව­ලංගු කර ඇතැයි ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශ මහතා පැව­සීය.

මුදල් ගෙවා නීත්‍ය­නු­කූ­ලව ජාතික ලේඛ­නා­ර­ක්ෂක ශ්‍රව­ණා­ගා­රය වෙන්කර ගෙන තිබි­යදී පොත් එළි­දැ­ක්වීමේ උත්ස­වය අව­ලංගු කිරී­මට එරෙ­හිව නීති­මය ක්‍රියා­මාර්ග ගන්නා බව ද විමල් වීර­වංශ මහතා කීවේය.

ඒ මහතා මේ බව පැව­සුවේ ජාතික නිද­හස් පෙර­මුණ කාර්යා­ල­යේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මිනි. එහිදී ඒ මහතා පැව­සුවේ රජ­යට අයත් ආය­ත­න­වල ශ්‍රව­ණා­ගාර මීට පෙර ආණ්ඩු විරෝධි කථි­කා­වන් සඳහා ද යොදා­ගෙන තිබෙන බවයි.

තමා විසින් ලියන ලද “සඳේ ගින්දර” නව­කතා පොත එළි­දැ­ක්වීම නිමි­ත්තෙන් පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ මේ උත්ස­ව­යේදී ආණ්ඩු විරෝධී ක්‍රියා­වක් හෝ වෙනත් කිසිම දේශ­පා­ලන දේශ­න­යක් කිරී­මට සූදා­න­මක් නොති­බුණු බව ද හෙතෙම පැව­සු­වේය.

“මේ නව­ක­තාව මගේ සත්‍ය ජීවන අත්දැ­කීම් පද­නම් කර­ගෙන මා විසින් රචනා කරන ලද්දක්. අපි එය මගේ උප­න්දි­නය යෙදෙන හෙට (07) දිනයේ එළි­ද­ක්වන්ට සූදා­නම් කර­ග­නි­මින් ජාතික ලේඛ­නා­ර­ක්ෂක ශ්‍රව­ණා­ගා­ර­යට මුදල් ගෙවා වෙන් කර­ගෙන තිබුණා.

හෙට සවස 3ට මේ උත්ස­වය පැවැ­ත්වී­මට නිය­මි­තව තිබුණා. මා සැල­කිය යුතු ප්‍රමා­ණ­ය­කට ආරා­ධනා පත්‍ර ද බෙදා­හැර තිබුණා. අපි ඩිජි­ටල් ෆ්ලැට්ෆෝම් මඟින් ද ආරා­ධනා පත්‍ර විශාල වශ­යෙන් බෙදා­හැ­රියා. එහි සඳ­හන් වන්නේ මේ උත්ස­වය ජාතික ලේඛ­නා­ර­ක්ෂක දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­රයේ තිබෙ­නවා කිය­ලයි. දැන් අපිට නිල­ධා­රි­නි­යක් කතා කරලා කිව්වා ශ්‍රව­ණා­ගා­රය අපිට දෙන්න බැහැ කියලා. මේ තත්ත්වය ගැන කන­ගාටු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT