ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පීඨවල වත්මන් තත්ත්වය, උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබාගැනීම සඳහා පස් දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පියවර ගෙන ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත මෙම කමිටුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එච්. ජී. අප්සරා කල්දේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික, ජනාධිපති නීතිඥ සී.කේ.ඩබ්. උනම්බුව, කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනාංශයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම, රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය හේමාලි මුණසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.