Home » වික්‍ර­මා­රච්චි දේශීය වෛද්‍ය සර­ස­වියේ උන්න­ති­යට විශේ­ෂඥ කමි­ටු­වක්

වික්‍ර­මා­රච්චි දේශීය වෛද්‍ය සර­ස­වියේ උන්න­ති­යට විශේ­ෂඥ කමි­ටු­වක්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

ගම්පහ වික්‍ර­මා­රච්චි දේශීය වෛද්‍ය විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍ය­යන පීඨ­වල වත්මන් තත්ත්වය, උපාධි පාඨ­මා­ලා­වල ගුණා­ත්ම­ක­භා­වය සහ එහි ඉදිරි කට­යුතු සම්බ­න්ධ­යෙන් නිර්දේශ සහ යෝජනා ලබා­ගැ­නීම සඳහා පස් දෙන­කු­ගෙන් යුත් විශේ­ෂඥ කමි­ටු­වක් පත්කි­රී­මට අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පිය­වර ගෙන ඇත.

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ උප සභා­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය කේ. එල්. වසන්ත කුමාර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුක්ත මෙම කමි­ටුව, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ උසස් අධ්‍යා­පන අංශයේ අති­රේක ලේකම් (සංව­ර්ධන) එච්. ජී. අප්සරා කල්දේරා, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ සාමා­ජික, ජනා­ධි­පති නීතිඥ සී.කේ.ඩබ්. උන­ම්බුව, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ පශ්චාත් උපාධි අධ්‍ය­ය­නාං­ශයේ පීඨා­ධි­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ප්‍රියානි පර­ණ­ගම, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා පීඨයේ පීඨා­ධි­පති, මහා­චාර්ය හේමාලි මුණ­සිංහ මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT