Saturday, May 3, 2025
Home » යෝෂි­තට මැණික් මල්ල දුන් ඩේසි ආච්චිට ඇප

යෝෂි­තට මැණික් මල්ල දුන් ඩේසි ආච්චිට ඇප

සේවා­දා­යි­කා­වට කාපු දේවත් මතක නෑ - ඇප ඉල්ල­මින් නීති­ඥයා කියයි

by Gayan Abeykoon
March 6, 2025 4:30 pm 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක, නව­ග­මුව සමූහ - සුගත් ප්රේම­ති­ලක

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුත් යෝෂිත රාජ­පක්ෂ සහ ඔහුගේ මිත්ත­ණි­යගේ ගිණුමේ තිබූ රුපි­යල් මිලි­යන 59ක මුද­ලක් සම්බ­න්ධ­යෙන් මුදල් විශු­ද්ධි­ක­රණ පනත ප්‍රකා­රව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අත්අ­ඩං­ගු­වට ගත් ඩේසි ෆොරස්ට්  නමැ­ත්තිය රුපි­යල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදා­හැ­රී­මට කඩු­වෙල මහේ­ස්ත්‍රාත් චානිමා විජේ­බ­ණ්ඩාර මහ­ත්මිය ඊයේ (05) නියෝග කළාය.

ප්‍රකා­ශ­යක් ලබා­දීම සඳහා ඇය ඊයේ (05) පෙර­ව­රුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටී­මෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී මෙම නියෝ­ගය නිකුත් කෙරිණි.

සැක­කා­රිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස්, නීතිඥ ප්‍රේම­නාත් සී. දොල­වත්ත ඇතුළු නීතිඥ මඬු­ල්ලක් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.

මෙහිදී ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර­මින් මෙසේ ප්‍රකාශ කළේය.

“සැක­කා­රිය අවු­රුදු 97ක් වය­සැති කාන්තා­වක්. 2013, 2017 සහ 2019 වස­ර­වල ගිණු­ම්ව­ලට මුදල් හුව­මාරු වීමක් සම්බ­න්ධ­යෙන් ඇය අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. මේ විම­ර්ශ­නය වසර 10කට වඩා පැර­ණියි. 2015 නඩු පවරා තිබෙන්නේ. මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන්ට අධි­ක­ර­ණ­යට දැනුම් දුන් පසුව ඉදි­රි­පත් වන ලෙස අධි­ක­ර­ණ­යෙන් දැනුම් දී තිබෙ­නවා. ඒ තරම්ම පැරණි නඩු­වක්. නීති­ප­ති­ව­ර­යාට නඩු ගොනුව 2017 වසරේ යොමු කර තිබෙ­නවා. පැරණි නඩු­වක් සම්බ­න්ධ­යෙන් නැවත විම­ර්ශන ආරම්භ කර තිබෙ­නවා. අපිට ප්‍රකා­ශ­යක් දීමට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නා. අපි ආවා. අපිව අත්අ­ඩං­ගු­වට ගත්තේ නැහැ. මගේ සේවා­දා­යි­කා­වට ඊයේ කාපු දෙය­වත් අද මතක නැහැ. ඇය ඒ තරම්ම වය­ස්ග­තයි. ශරීර ශක්ති­යෙන් එහා මෙහා යන්න පුළු­වන් වුණාට, මතක ශක්තිය හොඳ තත්ත්ව­යක නැහැ. ඇයට ඇගේ නම ඇරෙන්න වෙන දෙයක් කියන්න මත­ක­යක් නැහැ. උදේ ගත්තු කෑම වේල මොකක්ද කිය­ලා­වත් මතක නැතුව ඇති වය­සත් එක්ක. එහෙම තත්ත්ව­යක විම­ර්ශන නිල­ධා­රීන් 2013 වසරේ බැංකු ගිණු­මක සිදු­වුණු මුදල් ගනු­දෙනු පිළි­බඳ තොර­තුරු අහ­නවා. ඒ නිසා ස්වාමීනි මෙම කරුණු සලකා බලා ඇය ඇප මත මුදා­හ­රි­න්නැයි මා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා.”

මුදල් විශු­ද්ධි­ක­රණ චෝදනා යටතේ 2016 වස­රේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබූ අතර ඇයට ඇප ලබා දීමට විරෝ­ධ­යක් ඇද්දැයි මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් විමසා සිටි අතර එහිදී කිසිදු ප්‍රති­චා­ර­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දැක්වූයේ නැත.

මේ විම­ර්ශ­නය සම්බ­න්ධ­යෙන් රුපි­යල් මිලි­යන 59කට අධික මුද­ලක් තිබූ ස්ථිර තැන්පතු බැංකු ගිණු­මක් පිළි­බඳ කරුණු අනා­ව­ර­ණය වී ඇති අතර අදාළ ගිණුම යෝෂිත රාජ­පක්ෂ සමඟ හවුල් ගිණු­මක් ලෙස පව­ත්වා­ගෙන ගොස් තිබුණේ ඔහුගේ මිත්ත­ණිය වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාව බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරුණු අනා­ව­ර­ණය කර­ගෙන තිබිණි.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පෞද්ග­ලික සමා­ග­මට එරෙ­හිව පව­ත්වා­ගෙන යන මුදල් විශු­ද්ධි­ක­රණ විම­ර්ශ­න­යේදී වත්කම් උපයා ගත් ආකා­රය හෙළි­ද­රව් කළ නොහැකි රුපි­යල් මිලි­යන 59කට ආසන්න මුද­ලක් තිබූ ගිණු­මක් හවු­ල්කා­රීව පව­ත්වා­ගෙන යෑම සම්බ­න්ධ­යෙන් මෙම සැක­කා­රිය අත්අ­ඩං­ගු­වට ගත් බව කරුණු දැක්වූ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කියා සිටි­යේය.

සැක­කා­රි­යට එරෙ­හිව මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනතේ 3 (1) වග­න්තිය ප්‍රකා­රව චෝදනා ගොනු කර ඇති බව ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සැක­කාර කාන්තාව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් දැනුම් දුන්නේය.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් යෝෂිත රාජ­පක්ෂ, සංජීව රණ­තුංග, ”කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්” (CSN) පෞද්ග­ලික සමා­ගම ඇතුළු සැක­ක­රු­වන් පිරි­ස­කට චෝදනා ගොනු කර ඇති අතර අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් ඇප මත මුදා­හැර ඇත.

නඩුව යළි ජූලි 03 වැනිදා කැඳ­වී­මට නිය­මි­තයි.

සැක­කා­රිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස්, චමීර සිල්වා, මුදිත් ලොකු­මු­දලි, ප්‍රේම­නාත් සී. දොල­වත්ත, නුවන් ජය­ව­ර්ධන ඇතුළු නීතිඥ මඬු­ල්ලක් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි අතර පැමි­ණිල්ල වෙනු­වෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT