Home » කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රා. සභාවෙන් කෝටි 10ක ව්‍යාපෘති ජනතා අයිතියට

කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රා. සභාවෙන් කෝටි 10ක ව්‍යාපෘති ජනතා අයිතියට

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ, කොළොන්නාව - ඒ. සුමනසේන

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද ව්‍යාපෘති පහක වැඩ අවසන් කොට පෙරේදා (4) වැනි දින විවෘත කොට ජනතා අයිතියට පත්කිරීම සිදු විය.

ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන මහතාගේ ආරාධනයෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා ආර්.ඒ.ටී.ආර්. රාමනායක යන මහත්ම මහත්මීන් අතින් මෙම විවෘත කිරීම් සිදු කෙරිණි. සල්මල් උයනේ අලුතින් ඉදිකරන ලද විකසිත පෙරපාසල් ගොඩනැඟිල්ල සහ ළමා ක්‍රීඩාංගණය ද, නවීකරණය කරන ලද උඩුමුල්ල ආදාහනාගාරයේ නවීකරණය කරන ලද ආදාහන කුටීරය ද, අලුතින් ඉදිකරන ලද කොටිකාවත්ත සුසාන භුමියේ පිහිටි කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල ද, උඩුමුල්ල ආදාහනාගාරයේ අලුතින් ඉදිකරන ලද ආදාහන කුටීරය, අලුතින් ඉදි කරන ලද කොහිලවත්ත ආදාහනාගාරය සහ කැලණි නදීගම අලුතින් ඉදිකරන ලද කැලණි නදී පෙරපාසලේ නව ගොඩනැඟිල්ල ද මෙලෙස විවෘත කළ ව්‍යාපෘති වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කෝටි 10ක මුදලක් වැය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT