49
පාහියන් හිමියන් ගිය මඟ සොයා චීන සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල බුලත්සිංහල , ඓතිහාසික පාහියන්ගල ලෙන නැරඹීමට පැමිණෙමින් සිටින බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති. ඒ අනුව චීන ජාතික භික්ෂූන් වහන්සේ හා ගිහි පිරිසක් පෙරේදා (04) පාහියන්ගල ලෙන නැරඹීමට හා වන්දනා කිරීමට පැමිණ තිබූ අතර, ඔවුන් එදින දවස පුරා එහි රැඳී සිටියහ. ඒ අතර, දේශගවේෂී භික්ෂුවක් වූ චීන ජාතික පාහියන් භික්ෂුවගේ ප්‍රතිමාවක් එහි නිර්මාණය කිරීමට ද ඔවුන් තීරණය කර ඇතැයි ආනන්ද සාගර හිමියෝ අනාවරණය කළහ. චීන ජාතිකයන් පිරීස පාහියංගල ලෙන ආශ්‍රිතව රැඳී සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.