Tuesday, May 6, 2025
Home » මාර්තු මාසයේ EMS පාර්සල්වලට ඉංගිරිය තැපෑලෙන් නොමිලේ ඇසුරුම්

මාර්තු මාසයේ EMS පාර්සල්වලට ඉංගිරිය තැපෑලෙන් නොමිලේ ඇසුරුම්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

ඉංගිරිය මධ්යම සමූහ - ප්රියදර්ශනී කහවල

ඉංගිරිය තැපැල් කාර්යාලය විසින් ප්‍රදේශවාසීන්ට අපූරු තිළිණයක් දීමට කටයුතු කර ඇති අතර, ඒ යටතේ ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාවට (EMS) යටත්ව තැපැල් කාර්යාලයට බාරදෙන පාර්සල් ඔවුන් විසින් ඇසුරුම් අමුද්‍රව්‍ය යොදා නොමිලයේ ඇසුරුම් කරදීමට කටයුතු කරනු ලැබ තිබේ.

මාර්තු මාසය පුරා සම්පූර්ණයෙන්ම නොමිලයේ මහජනතාව වෙනුවෙන් විවෘත මෙම සේවාව පසුගියදා ඔවුන් විසින් එතෙර රටවල් 47ක් සඳහා අලුතින් හඳුන්වා දුන් ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවා (EMS)පහසුකමට සමගාමීව ක්‍රියාත්මක කර ඇත. මෙලෙස හඳුන්වා දුන් ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමට ඉංගිරිය නගරය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහනක් ද ඉංගිරිය තැපැල් කාර්යාලය විසින් පසුගියදා දියත් කරන ලද අතර, ඒ යටතේ නිලධාරීන් නගරය පුරා සංචාරය කරමින් මහජනතාව දැනුම්වත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT