Tuesday, May 6, 2025
Home » කැලණිය ජනාධිපති විද්‍යාලයේ පා ගමන මෙවරත්

කැලණිය ජනාධිපති විද්‍යාලයේ පා ගමන මෙවරත්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

මහර සමූහ - ගණිඳු රෝචන සමරතුංග

මහර, කැලණිය ජනාධිපති විද්‍යාලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන පා ගමන මෙවරත් කඩවත නගරයෙන් ආරම්භ කර එම විදුහල දක්වා සිසුන් පයින් සහ රථවාහන මඟින් ගමන් කිරීම පසුගියදා සිදු කෙරිණි.

එහිදී කඩවත ව්‍යාපාරික සංගමය මඟින් එම පා ගමනට සහභාගී වූ සිසුන් සහ එහි ආචාර්ය මණ්ඩලය වෙත කඩවත නගරයේදී අහාර පාන බෙදාදීමට කටයුතු යොදා තිබිණි. විදුහල්පති එස්.ඒ.කේ. උදය කුමාර මහතාගේ උපදෙස් මත එහි ආචාර්ය මණ්ඩලයේ මහත්ම, මහත්මීන්ගේ දායකත්වය මත මෙම පාගමන පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

කඩවත ව්‍යාපරික සංගමයේ සභාපති පූර්ණ ප්‍රසාද් කරුණාරත්න, ලේකම් ෂෙහාන් ජයවර්ධන, භාණ්ඩාගාරික රොහාන් කාරියවසම්, ප්‍රචාරක ලේකම් ජානක නාගසේන යන මහත්වරුන් විසින් මේ සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT