ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් පැමිණි අයකු විසින් තමාගේ මුහුණට මිරිස් කුඩු ගසා අත තිබූ රුපියල් 71,000කට අධික මුදලක් පැහැරගෙන යන ලද බවට ගම්පහ පොලීසියට පැමිණිලි කළ ඉන්ධනහල් සේවකයකු ගම්පහ පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ලද පැමිණිල්ලක් මත ඉන්ධනහලේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළ නිලධාරීන්ට එම කැමරාවල අදාළ සේවකයා විසින්ම ඔහුට මිරිස් කුඩු ගසා ගන්නා අයුරු සටහන් වී ඇති බැවින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ආයතනයේ මුදල් තමා අතින් වියදම් වූ බැවින් මෙලෙස බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගම්පහ දිස්ත්‍රික් 1 නාලක සේනානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.ඩී. ගරුසිංහ, පො.ප. තෙන්නකෝන්, පො.සැ. රොෂාන් (12879), පො.කො. ඩිල්ෂාන් (102556), පුෂ්පකුමාර (101434) හා ජයවර්ධන (102448) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.