Home » පාමස්ටන් වතුයායේ කඳුකර කොටියකුගේ මළ සිරුරක්

පාමස්ටන් වතුයායේ කඳුකර කොටියකුගේ මළ සිරුරක්

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

හැටන් මධ්යම විශේෂ, නෝවුර්ඩ් සමූහ - රංජිත් රාජපක්ෂ

නුවරඑළිය, නානුඔය, පාමස්ටන් වතුයාය තුළ තිබී මිය ගිය කඳුකර කොටියකුගේ මළ සිරුරක් හමුවී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරියකු පැවසූයේ 2023 වර්ෂයට පසුව නුවරඑළිය වනජීවි අඩවියෙන් හමුවූ පළමු කොටි මරණය මෙය බවයි. මෙසේ මියගොස් ඇති කඳුකර කොටියා වයස අවුරුදු 1ත් – 2ත් අතර ගැහැනු සත්ත්වයකු වන අතර තවත් සතකු සමඟ ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම කඳුකර කොටියා මිය යන්නට ඇතැයි සැක කරයි. මෙම කඳුකර කොටියාගේ මරණය පිළිබඳව තම කාර්යාලය මගින් විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් නුවරඑළිය අධිකරණයට ද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මරණ පරීක්ෂණ සඳහා එම මළ සිරුර රන්දෙණිගල පශුවෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට පියවර ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT