වසර ගණනාවක් තිස්සේ අලුත් වැඩියාවකින් තොරව පවතින නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අඹන් ගඟේ පාලමෙන් ගිලිහි ගිය යකඩ කොටස් හොර රහසේ රැගෙනයාමේ උත්සාහයක් පවතින බැවි ගම්වාසින් පවසා සිටියි.
බෝවතැන්න ජලාශයේ ජලය පිටාර ගැලීමත් සමඟ මීට වසර ගණනාවකට පෙර අඹන පාලමේ විශාල යකඩ කුට්ටි අඹන් ගඟට වැටි තිබේ.
මෙම යකඩ කොටස් ටොන් ගණනක් බරකින් යුතු අතර එවැනි යකඩ කොටස් රැසක් අඹන් ගඟේ අදටත් දක්නට තිබේ.
ගම්මුන් පවසන ආකාරයට පසුගිය දිනෙක රාත්‍රී කාලයේ යකඩ එසවිය හැකි කුඩා දොඹකරයක් අඹන් ගඟ සමීපයේ සිට අදාළ යකඩ කොටස් එසවීමට උත්සහා දරා තිබේ.
කෙසේ වෙතත් යම් පිරිසක් මෙම ස්ථානය පසුකර යාමේ දී මෙම පිරිස පාලම අසලින් ඉවත්ව ගොස් තිබේ.
කිසියම් සංවිධානාත්මක පිරිසක් අඹන් ගඟේ පවතින යකඩ කොටස් රැගෙනයාමට උත්සහා දැරූ අවස්ථා රැසක් පෙර සමයන් හී දීද දක්නට ලැබුණු බව පවසන ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ පොරොන්දු දේශපාලනයට පමණක් සීමා වූ අඹන් ගඟේ පාලම සැකසීම කඩිනමින් සිදුකළ යුතු බවයි.