බළන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු විසින් පෙරේදා (04) තම සරසවි පුතාගේ හිසට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර පියාද වස පානය කිරීම හේතුවෙන් දෙදෙනාම දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බළන්ගොඩ පොලීසිය පවසයි.
මොහු විසින් සිය බිරියටද එම අවස්ථාවේදී පිහියකින් පහර දී තිබෙන අතර ඇයට එම පිහිපහර නොවැදී අනූ නවයෙන් බේරී ඇති බවද පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
විශ්වවිද්‍යාලයක ඉෙගනුම ලබන සිය 23 හැවිරිදි පුතා මිදුලේ පාඩම් කරමින් සිටින විට මෙම පියා විසින් මෙලෙස පොල්ලකින් හිසට පහරදීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මොහු මෙලෙස රෝහල්ගත කර තිබේ.
පසුව පියාද වස පානය කර දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් මෙලෙස බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව බළන්ගොඩ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.