Home » තරු­ණ­යෙක් පැහැ­ර­ගෙන ගොස් පහ­ර­දීලා

තරු­ණ­යෙක් පැහැ­ර­ගෙන ගොස් පහ­ර­දීලා

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

කටු­ග­ස්තොට සමූහ - එස්.ජී. විජේ­රත්න

කිසි­යම් පිරි­සක් විසින් තම පුතා පැහැ­ර­ගෙන ගොස් පහ­රදී ඇති බව­ටත් පසුව ඔහු මහ­නු­වර ජාතික රෝහල වෙත ඇතු­ළත් කර ඇති බව­ටත් නිත්ත­වෙල ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක් කටු­ග­ස්තොට පොලී­සිය වෙත පැමි­ණිලි කර තිබේ.

ඉකුත් 28 වැනිදා තම පුතා නිවෙ­සින් පිට­තට කැඳවා ගෙන ගිය මෙම පිරිස පසුව ඔහු ත්‍රිරෝද රථ­යක දමා­ගෙන ගොස් පහ­රදී ඇති බවට එම පහ­ර­කෑ­මට ලක්වූ තරු­ණ­යාගේ පියා විසින් මෙසේ පොලී­සිය වෙත පැමි­ණිලි කර ඇත. එම පැමි­ණි­ල්ලට අනුව විම­ර්ශන ආරම්භ කළ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රින් විසින් තරු­ණයා පැහැ­ර­ගෙන ගිය බව පැව­සෙන පිරි­සෙන් දෙදෙ­නකු හා පැහැර ගැනී­මට යොදා­ගත් බව පැව­සෙන ත්‍රිරෝද රථය පසු­ගිය 02 වැනිදා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

තවද මෙම පැහැ­ර­ගෙන යාමට සම්බන්ධ බව පැව­සෙන තවත් සැක­ක­රු­වන් දෙදෙ­නකු පසු­ගිය 03 වැනිදා පොලී­සි­යට භාර වීමෙන් පසු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. පැහැර ගැනී­මට ලක්වූ තරු­ණයා මහ­යි­යාව ප්‍රදේ­ශයේ නිවෙ­සක් තුළට රැගෙන ගොස් පහ­ර­දීම සිදු­කර ඇති අතර පසුව පහ­ර­කෑ­මට ලක්වූ තරු­ණ­යාගේ ඥාතින් විසින් ඔහුව බේරා­ගෙන මහ­නු­වර ජාතික රෝහල වෙත ඇතු­ළත් කිරී­මට පිය­වර ගෙන තිබිණ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් පිරිස මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT