Wednesday, March 26, 2025
Home » RDB බැංකුවෙන් ව්‍යවසායකයින්ට අත්වැලක්

RDB බැංකුවෙන් ව්‍යවසායකයින්ට අත්වැලක්

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යවසායකයින් දිරිබල ගැන්වීමේ දැවැන්ත කාර්යයක නිරතව සිටී. ශාඛා 272 ක් දිවයින පුරා විහිදුනු 3000 කට වඩා සේවක පිරිසකින් යුතු ප්‍රදේශීය සංවර්ධන බැංකුව ආර්ථික සංවර්ධනයේ පෙර ගමන්කරු ලෙස සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

ව්‍යවසායක ආර්ථිකයක් බිහිකිරීමේ රාජ්‍ය සංකල්පය වන “ව්‍යවසායක උන්මාදයක්” ඇති කිරීමේ වැඩසටහනට සමගාමීව ව්‍යවසායකයින් 15,000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහන ප්‍රදේශීය සංවර්ධන බැංකුව විසින් ආරම්භ කර ඇත.

“ආර්ථික සංග්‍රාමයේ RDB මෙහෙයුම් ක්‍රියාන්විතය – ව්‍යවසායකයින් 15,000 ක බලකායක් ජාතික ආර්ථිකයට” තේමාව ඔස්සේ සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකින්ම අවම වශයෙන් එක් ව්‍යවසායකයෙක් බැගින් ව්‍යවසායකයින් 15,000 ක් වසරක් තුළ නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. එම ගොඩනගන ව්‍යවසායකයින් 15,000 වටා ධීවර, කෘෂි, පශු සම්පත්වැනි නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රධාන ව්‍යවසායකයා වටා ගොනුවුණු ව්‍යවසායක පොකුරක් නිර්මාණය කර ග්‍රාමීය ව්‍යවසායකත්ව සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ.

ව්‍යවසායකයින් සඳහා ණය ප්‍රතිපාදන ලබා දීමට අමතරව මූල්‍ය පාලනය හා විනය, නවීන තාක්ෂණික ක්‍රම, නව වෙළඳපොල අවස්ථා වැනි අත්‍යවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් මූල්‍යමය වශයෙන් හා දැනුමින් සන්නද්ධ වූ ව්‍යවසායක බලකායක් නිර්මාණය කිරීම මෙහිදී සිදු වේ.

මෙම වැඩසටහනේ බස්නාහිර හා වයඹ පළාත් සමාරම්භක උළෙල RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතාගේ සහ සාමාන්‍යාධිකාරි ජනිත ප්‍රියශාන්ත මහතාගේ ආරාධනයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.02.14 දින ගම්පහ දී පැවැත්විණි. මෙහිදී බස්නාහිර සහ වයඹ පළාත් වල ග්‍රාම සේවා කොට්ඨාස 250 ක් නියෝජනය කරමින් ව්‍යවසායක ව්‍යවසායිකාවන් 250 ක් සඳහා රු. මිලියන 500 කට අධික ණය පහසුකම් ප්‍රධානය කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT