Saturday, May 3, 2025
Home » තරු 7 අවියානා 2026 විවෘත වේ

තරු 7 අවියානා 2026 විවෘත වේ

by mahesh
March 7, 2025 4:00 pm 0 comment

වසරකට ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ආදායමක් ශ්‍රී ලංකාවට ගෙන එන ‘අවියානා’ තරු හතේ හෝටලය ලබන වසරේ විවෘත කරන බව අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහත‍ා කියයි.

වසරකට ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ආදායමක් ශ්‍රී ලංකාවට ගෙනඒම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මහනුවර තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ අක්කර විසි හතක භූමි භාගයක රමණීය පරිසරයක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරෙමින් පවතී. මේ වන විට එහි වැඩ කටයුතු 70% පමණ අවසන් වී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ පළවෙනි තරු හතේ හෝටලයයි. මේ පිළිබඳව අදහස් දැක්වූ අවියානා හෝටල් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවසුවේ මෙවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහත් රුකුලක් වන බවයි. දැනටමත් සංචාරක කර්මාන්තයෙන් දළ දේශීය ආදායමෙන් 5% ක් පමණයි ලැබෙන්නේ සමහර රටවල් අප තරම් පහසුකම් නැතත් මීට දෙතුන් ගුණයක් වැඩියෙන් ඔවුන්ට ආදායම ලබනවා. මේ නිසාම තවත් මෙවැනි ව්‍යාපෘති ලංකාවේ ඇති කිරීමෙන් ලෝකය පුරා සිටින ධනවත් සංචාරකයන් ගෙනඒමට රුකුලක් වන බව ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ වෘත්තීය වේදින් දෙසීයක් පමණ මෙම හෝටලයේ ආයෝජනය කර ති‍බෙන අතර තවත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සුළු පිරිසකට මෙරට ප්‍රථම තරු 7 හෝටලය සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව පවතින බවද තිසර හේවාවසම් මහතා මෙහිදී සඳහන් කළේය. දැනට ලෝකයේ තරු 7 හෝටල් 7ක් ඇති අතර ශ්‍රී ලංකාවේ අවියානා හෝටල් සමුහය ලෝකයේ 8 වැනි තරු7 හෝටලය වශයෙන් ඉතිහාසගත‍ වෙයි.

ලංකාවේ පළමු තරු 7 හෝටලය නිර්මාණයටත් ලෝකයේ අටවන තරු හතේ හෝටලය නිර්මාණයටත් විශාල උදව්වක් විය. 1946 දී සුන්දර මවුන්ට් ලැවිනියා, ගොල් ඔරියන්ටල්, කැන්ඩි Queens වැනි හෝටල් තම අභිමානය ලොවට ගෙනයද්දි මෑතකදී ඉදිවූ කේප් වැලිගම, wild coast Tented Lodg, Anantara, Amanwella, Santani වැනි ඉදිකිරීම් ලංකාවට දැවැන්ත විදේශ විනිමයක් ගෙන එන බව නොරහසකි. මා සොයා ගිය සංචාරක කර්මාන්තයේ වෙනස තුළ මා ආදර්ශයට ගත්තේ ඩුබායි Burj Al Arab , Emirate Palace වැනි දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් නිර්මාණයන්ය. මුලදී මට මේ සියල්ල හීනයක් වුවත් වසර ගනනාවක් සිදු කළ සොයා බැලීම්වලින් පසුව මට දැනුණේ මේ සියල්ල අභිභවා යෑමට අපට හැකි බවයි.

මේ නිර්මානයේ දී මාතෘ භූමිය එක හෙළා මා සමඟ එක්ව කටයුතු කළ බව කිව යුතුය. අපේ රටේ ඉතාම දර්ශනීය දැකුම්කලු ස්ථානයකුත් දිය ඇළි, කඳු හා ගංගා නිම්න, ගහකොළ, සතා සිව්පාවන්ගෙන් පිරි ස්වභාවධර්මයත් මේ අලුත් ගමනට පාර කපා දුන්නේය. සමහර රටවල රාජ්‍ය නායකයන් ද අවියානා ව්‍යාපෘතිය ගැන සදහන් කරද්දී ඔවුන් දැක්වූ ධනාත්මක අදහස් බිලියන ගණනක් රසිකයන් වැලඳ ගත් දැවැන්ත චරිත හා ලෝක පූජිත චරිතාපදාන හමුවේ ඔවුන් අවියානා වෙත දක්වූ ගෞරවය විශේෂයෙන් සඳහන් කළ යුතුය. අක්කර 27ක් සියලු පහසුකම් සහිත විලා 60ක් ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රැසක් ශ්‍රී ලාංකිකයින්ටම උරුම වූ සංග්‍රහශීලීත්වයත් දිගු ඉතිහාසයක් ඇති අපේ රටේ ආහාර රටාවත් ජ්‍යෝතිෂයත්, බුදු දහමත් භාවනාව වටා ගොඩනැඟුණු අපේ සංස්කෘතියත් මත පදනම්ව ඉදිකෙරුණු මේ ව්‍යාපෘතිය මඟින් වසරකට ඩොලර් මිලියන 500ක ආදයමක් ලංකාවට ලබන වසරේ සිට ගෙන ඒමට කටයුතු කරන බව නිහතමානී ආඩම්බරයකින් කිව යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT